Life
හිංසන මෝහය හඳුනාගන්න
දේශීය වෙදකමේ මානසික රෝග නිධානය
සාමාන්‍යයෙන් හෘද රෝගයක් වැළඳුණු
විට ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ පිළිබඳ එසේ නැතිනම් පෙනහැල්ලට සම්බන්ධ රෝගයක්
වැළඳුනු විට ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ පිළිබඳව සමාජයේ බොහෝ දෙනකුට හොඳ
අවබෝධයක් තිබේ. උදාහරණයක් ලෙසට හෘද රෝගයකදී පපු ප්‍රදේශයේ ඇතිවන වේදනාව
නැතිනම් ශ්වසන ආබාධයකදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවන බව හොඳින් දන්නා බව
පෙනේ.
නමුත් මානසික රෝගයකදී රෝග ලක්ෂණ සහ මොළයේ ඇතිවන වෙනස්කම්
අතර තිබෙන සම්බන්ධතාවය පිළිබඳ සමාජයේ බොහෝ දෙනෙකුට අවබෝධයක් ඇති බවක්
දක්නට නොවේ. මේ නිසාම මානසික රෝග පිළිබඳ සාක්ෂරතාවය අඩුබව නිසා එසේත්
නැතිනම් මානසික රෝග පිළිබඳ අඩු දැනුම අවබෝධය සහ අඩු අධ්‍යාපනය නිසා මානසික
රෝග ශීඝ්‍රයෙන් සමාජය තුළ ව්‍යාප්ත වීමට හේතුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය
පෙන්වා දෙයි.
අද වන විට මුළු ලෝකයේම මානසික රෝගීන් මිලියන 450 ක්
පමණ සිටින බව සමීක්ෂණ දත්ත අනාවරණ කර තිබේ. 2023 වන විට ලෝකයේ මිනිසුන්
කායික, මානසික, සමාජීය සහ ආර්ථික වශයෙන් පීඩා විඳින රෝග දහයක ලැයිස්තුවේ
පළමු තැනට විශාදය නැමැති මානසික රෝගය පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය
පුරෝකථනය කර තිබේ.
ආයුර්වේදයේ සහ දේශීය වෙදකමට අනුව මානසික රෝගයක්
යනු මොළයේ ඇතිවන ආබාධයකි. ශරීරයේ ක්‍රියාත්මක වන තුන්දොස එනම් වා, පිත්,
සෙම් පිළිබඳව අපි දනිමු. මෙලෙසම අපේ මනසේ ක්‍රියාත්මක වන මානසික ගුණ තුනක්
තිබේ. එසේත් නැත්නම් මානසික ශක්තීන් තුනක් තිබේ. මේවා සත්ත්ව, රජස්,
තමස් ලෙසින් හැඳින්වේ. මෙහිදී රජස් ගුණයේ ක්‍රියාකාරිත්වය අසම බර වී නම්
පුද්ලගලයාගේ චාලක ක්‍රියාකාරිත්වය වේගවත් වන අතර සිතුම් පැතුම් කතා බහ
හැසිරීම් රටාව වේගවත් වේ. එසේත් නැතිනම් එම පුද්ගලයා අධි ක්‍රියාකාරී
තත්ත්වයට පත්වේ. සැර පරුෂ වේ. තමන් කතා කරන දෙය, කරන දෙය තමාගේ පාලනයකින්
තොරව සිදුවිය හැකිවේ. අන් අය සමඟ නිතර ගැටුම් ඇති කර ගැනීමට පුළුවන. මේ
තත්ත්වය නිසාම ශාරීරික කෘත්‍යයන්ගේ පවා යම් යම් වෙනස්වීම් ඇතිවීමට පුළුවන.
එමෙන්ම ද්වේශ සහගත සිතුවිලි ඇති වීමේ හැකියාව ඉහළය.
තමස් ගුණයේ ක්‍රියාකාරිත්වය අසමතුලිත වූ විට ඉහත සඳහන් කළ සියලු ක්රියාකාරිත්වයන්ගේ ප්‍රතිවිරුද්ධ දිශාවට පුද්ගලයන් මෙහෙයවනු ලබයි.
චාලක
ක්‍රියාවල උදාසීන බව, කුලෑටි බව එදිනෙදා වැඩට උනන්දුව අඩු බව, සිතුවිලිවල
අප්‍රාණික බව, නිදිබර ගතිය වැඩිවීම කෑමට ඇති අරුවිය, මානසිකව ඇතිවන
කනස්සලු ස්වභාවය වැනි තත්ත්වයන් පවා ඇති වන අවස්ථා දුලභ නොවේ.
දේශීය
වෙදකමේදී පවා මනෝ භාවයේ තිබෙන මෙම අන්ත දෙක පුරාණ වෛද්‍යවරුන් ඉතාම
පැහැදිලිව හඳුනාගෙන තිබෙන බව මෙයින් හොඳ හැටි පැහැදිලිව පෙනේ.
පළමුව
සඳහන් කළ රජස් ක්‍රියාකාරිත්වයේ උත්සන්න භාවය නිසා ඇති වන අන්තය සිනාසුම්
(Manic) අන්තය ලෙසත් දෙවනුව සඳහන් කළ තමස් ගුණයේ අවහිරතාවය නිසා ඇති වන
අන්තය හැඬුම් අන්තය (Depressiv) ලෙසත් හඳුනාගෙන තිබේ.
හැඬුම් අන්තය දිගින් දිගටම
සතුට පිරිහෙයි අන්තතයටම
බතට ඇති අකමැත්ත නොරිසුම
දෙඩුම් බස් ගැන අඩුය සෙනඟට
මෙම කාරණාව හොඳ හැටි පෙන්නුම් කර තිබෙන බව හොඳම සාක්ෂියක් ලෙසට ඉහත කවිය පෙන්වා දීමේ හැකියාව තිබේ.
මෙම අන්ත දෙකම සමතුලිත තත්ත්වයට පත් කළ හැකි මධ්‍යස්ථ ශක්තිය ලෙසින් සත්ත්ව ගුණය සඳහන් කර ඇත.
නවීන
බටහිර විද්‍යාවේ මනෝ ව්‍යාධිවේදය පිළිබඳ පැහැදිලි කිරීමේදී මානසික රෝග
සඳහා මූලික හේතුව මොළයේ ඇතිවන රසායනික වෙනස් කම් නිසා බවත්, මොළයේ ස්නායු
ආවේග ගමන් කරන ස්නායු සෛල දෙකක් අතර තිබෙන හිදැස එසේත් නැතිනම් ස්නායු
සම්ප්‍රේෂක වශයෙන් හඳුන්වනු ලබන ස්ථානයේ සම්ප්‍රේෂණය වන විවිධ රසායනිකවල
බලපෑම පුද්ගලයාගේ සිතුම් පැතුම්, හැඟීම්, සංවේදනයට බලපෑමක් ඇති වන බවත්
පැහැදිලි කර දී තිබේ.
මෙම ඉදිරිපත් කිරීම් දෙක දෙසම බැලීමේදී
පැහැදිලි වන දෙය නම් මෙම න්‍යාය දෙකෙන්ම ඉදිරිපත් වන්නේ එකම තත්ත්වයක්
බවත් ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ මෙම ඉදිරිපත් කිරීම වසර 2500 පමණ ඈත
අතීතයකදී මේ පිළිබඳ දැනුවත් වී තිබීම කාගේත් අවධානයට යොමු විය යුතු විශ්මය
ජනක කාරණයක් වන අතර කවුරුත් නොසිතන විද්‍යාත්මක ඉදිරිපත් කිරීමක්,
පැහැදිලි කිරීමත් ගෙන හැර දැක්වීමට තරම් අපේ මුතුන් මිත්තන්ගේ ඥානය උසස්
තත්ත්වයක තිබූ බවත් මෙයින් හොඳ හැටි පැහැදිලිව පෙනේ.
කෙසේ වෙතත් ඉහත
සඳහන් කළ මානසික ත්රිගුණයේ ක්රියාකාරිත්වයන් සමබරව සමතුලිතව
ක්‍රියාත්මකවන තාක්කල් අපගේ සිතුම් පැතුම් හැඟීම් යන සංවේදනය සාමාන්‍ය
ආකාරයෙන් සිදුවන බවක්, පුරාණ පොත පතෙහි සඳහන් වේ. මෙම කාරණාව ටිකක්
තේරුම් ගැනීමට අපහසු බවත් පෙනේ. එනම් ප්රශ්නය ඇති වන්නේ අපේ මොළයේ වුවත්
වෙනස් වන්නේ සිතන පතන ආකාරයයි. නැතිනම් හැඟêමයි.
එසේත් නැත්නම් අපට පෙනෙන දෙය, ඇසෙන දෙය සහ දැනෙන දෙයයි. තේරුම් ගත යුතු වන්නේ මෙන්න මේ කාරණාවන් වෙයි.
අපගේ
සිතුම් පැතුම්, අපගේ හැඟීම් අපගේ සංවේදනය පාලනය කරනු ලබන්නේ අපගේ මොළයේ
ඇතිවන ක්‍රියාකාරිත්වය මගිනි. මොළය පුද්ගලයාගේ මෙහෙයුම් මැදිරිය වෙයි.
උදාහරණයක්
ලෙසට මානසික රෝගවල ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ, සිතුම් පැතුම්වල ඇති
විපර්යාසයන්ය. එනම් රෝගී වූ විට රෝගියාට සිතෙන්නේ නිරෝගී අවස්ථාවේ විසිතු
දෙය නොවේ. එවිට කේන්ති යැමට පුළුවන. පරුෂ වචනයෙන් බනින්නට පුළුවන. කවුරුන්
හෝ තමන්ට අනවිණ කොඩිවිණ කරන බවට සිතෙන්නට පුළුවන. හැකිනම් තමන්ට වස විස
දීමට, ඝාතනය කිරීමට යම්කිසි තැතක් තිබෙන බව දැනීමට පුළුවන. තමා දෙස සමාජයේ
සිටින අනිකුත් පුද්ගලයන් අවධානයෙන් සිටින බවක් සිතීමට පුළුවන.
එසේත් නැතිනම් තමා කරන කියන දෙය බලාසිටින අවට අයට වැරදි විදිහට සම්ප්‍රේෂණය වනවා යෑයි සිතෙන්නට පුළුවන.
මෙය
"හිංසන මෝහය" නමින් හඳුන්වනු ලැබේ. එමෙන්ම හැඟීම්වල ඇතිවන වෙනස් වීම තමාට
දුක වැඩිපුර දැනෙන්නට පුළුවන. සතුට වැඩිපුර දැනෙන්නට පුළුවන. සංවේදනයේ
වෙනස්වීම්ද ඒ ආකාරයෙන්මය. තමාගේ ඇසට එක් එක් රූප පෙනෙන අවස්ථා ඇත. කනට
එක් එක් ශබ්ද ඇසීමට පුළුවන. කවුරුන් හෝ තමන්ට බණිනවා මෙන් ඇසෙන අවස්ථා
ඇත.
සමට අසාමාන්‍ය ස්පර්ශන, උදාහරණයක් ලෙසට කුහුඹුවෙක් දුවනවා
වැනි සංවේදනයක්, දිවට එක් එක් රස දැනෙන අවස්ථා ඇත. නාසයට එක් එක් ගඳ
සුවඳ දැනීමට පුළුවන.
මෙම සියලු දේ ඇති වන්නේ මුලින් සඳහන් කළ මොළයේ ඇති වන ක්රියාකාරිත්වයන්ගේ දොස් සහිත බව නිසා වෙනි.
අප
දන්නා පරිදි අපේ පරිසරය අපට අර්ථකථනය කර දෙන්නේ පංච ඉන්ද්රියයන් නිසාය.
එසේ නම් මෙම තත්ත්වය ඇතිවන්නේ පරිසරයේ ඇතිවන දොaෂයක් නිසා නොවේ. සැබැවින්ම
පංච ඉන්ද්රියයන්ගේ දොaෂයක් නිසාත් නොවේ.
පරිසරයේ ඇතිවන සියලු දේ
ග්‍රහණය කර ගන්නා ද්වාර (දොරටු) ආකාරයට පංච ඉන්ද්රියයන් අපේ සිරුර තුළ
ක්‍රියාත්මක වේ. මෙම පංච ඉන්ද්රියයන් හරහා ග්‍රහණය කර ගන්නා පරිසරයේ
සිදුවීම් අපට අර්ථකථනය කර දෙන්නේ අපගේ මොළය තුළය. එවිට මෙම අර්ථකතනයවන
ස්ථානය වන මොළයේ යම් දොaෂයක් වී නම් පරිසරයේ දැනෙන දේ නොව අපට දැනෙන්නේ
එය විකෘති අර්ථකථනයට ලක්වීමෙනි.
ඕනෑම පුද්ගලයෙක් ක්‍රියාත්මක වන්නේ, සිතන්නේ මතන්නේ තමන්ගේ මොළය විසින් තමාට දෙනු ලබන සංඥ අනුවය.
ඉහත
සඳහන් කළ මොළයේ සිදුවන වැරදි අර්ථකතනය නිසා තමාව වැරදි සිතුවිලි ඇතිවීමට
පුළුවන. වැඩිපුර දුක සතුට දැනෙන දේ සිදුවීමට පුළුවන. එවිට එම පුද්ගලයා ඊට
සාපේක්ෂව ප්‍රතික්‍රියා දැක්වීම, මානසික රෝගයකදී පුද්ගලයාගේ හැසිරීම්
රටාවේ නැතිනම් චර්යාවේ වෙනස් වීම හැටියට ඉදිරිපත් වනු ඇත.
මෙම
තත්ත්වය ඇතිවන පුද්ගලයාට සාපේක්ෂව ඔහු හෝ ඇය සාමාන්‍ය කෙනෙකි. නමුත්
සමාජයේ වෙසෙන අන් අයට සාපේක්ෂව ඔහු හෝ ඇය අසාමාන්‍ය කෙනෙකි.
උදාහරණයක්
ලෙසට එකම ගෙදර දරුවන් තිදෙනකු සිටින බව සිතන්න. එක දරුවකුට මෑතක සිට හොඳටම
කේන්ති යයි. නොරිස්සුම් සහගතය. එයට හේතුව ළඟ ගෙදර අය තමා පිළිබඳ දැඩි
අවධානයකින් සිටින බව එම දරුවාට සිතෙන්නට පටන් ගෙන තිබීමයි. ඇතැම් වේලාවට ඒ
ගෙදර මිනිස්සු තමන්ගේ කනට එක් එක් නරක වචන කියමින් බණින බවට දරුවා
මැසිවිලි නඟයි. විටෙක තමන්ව ඔවුන් විවේචනය කරන බව ඇසෙනවා යෑයි කියයි. දරුවා
නිවසේ රණ්ඩුවීමට කාරණාව මෙයයි.
මෙම තත්ත්වය යම්කිසි වූ මානසික
රෝගයකට සුවිශේෂී වූ රෝග ලක්ෂණයකි. එහෙත් මෙම සිදුවීම් එකක්වත් මෙම දරුවා
සමඟ ජීවත් වන අනිකුත් අයට ඇසෙන්නේ දැනෙන්නේ නැත. ඔවුන් සැම එකම ගෙදර ජීවත්
වීමේදී එක් අයෙකුට පමණක් මෙලෙස දැනෙන්නේ, ඇහෙන්නේ කෙසේදැයි ප්රශ්නයකි.
එම නිසා ඉහතින් පැහැදිලි කළ පරිදි මෙය පරිසරයේ වරදක් නොව පරිසරය අර්ථකථනය කර දෙන මොළයේ දොaෂයක් බව පෙනේ.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks